නිර්මාණය: ගරු මර්සලීන් ජයකොඩි පියතුමා
ජේසු රජාණෙනි ඔබ වටලා
බාල සමාජය පෙම් වඩලා
සාදු දිදී සිරි හද පුදලා
පාද සිපා සැනසීම දෙමූ
පාද සිපා... පාද සිපා...
පාද සිපා සැනසීම දෙමූ
පුංචි අපෙන් වන පව් නොබලා
ලෝක රසින් වන පව් නොබලා
පාප අපෙන් ඔබ වෙන් නොවෙලා
ජේසු ඔබේ දෙනු මැන සරණේ
ජේසු ඔබේ... ජේසු ඔබේ...
ජේසු ඔබේ දෙනු මැන සරණේ
සෑම දිනේ තුරුලට වඩලා
සෑම සෙනේ කරුණා පාලා
සෑම පිනේ රස පෙන්වාලා
ජේසු ඔබේ හද දන් දෙන්නේ
ජේසු ඔබේ... ජේසු ඔබේ...
ජේසු ඔබේ හද දන් දෙන්නේ
අසන්න | Listen
බාගන්න | Download
නිහිත කේතය | Embed Code
කිතුනු ගී අංක: 320
.
ජයවේ ජේසූනී | Jayawe Jesunee
ජයවේ ජේසූනී ජයවේ ක්‍රිස්තුනී
සව් ලෙව් දනන්ගේ සිත් වදන් විනිශ්චකාරෙනී
ක්‍රිස්තූ රජාණෙනි ලෝකාග්‍ර ස්වාමිනී
දෙවි වූ ජේසූ රාජේන්ද්‍රා තේජායු වේ
ක්‍රිස්තු රජ නොවේ කියත් පවිටුවෝ
ඔබේ දසුන් ලොවේ පිරි හඬින් සැවෝ
දෙව් පුතුන් ම වේ සෑමා දනන්ගෙ ස්වාමී
තේජා ශ්‍රී ස්තෝත්ර වේවා
ආ ජේසු ක්‍රිස්තුනි ශාන්ති කුමාරෙනි
උදාර සිත් සැම සුදම් දෙස නමා
ඔබ සබේ තුළා දිළෙයි නිබඳ සේනා
ආශිර්වාදිත වේවා
කිතුනු ගී අංක: 321
.
සව් ලෙව් දනන්ගේ සිත් වදන් විනිශ්චකාරෙනී
ක්‍රිස්තූ රජාණෙනි ලෝකාග්‍ර ස්වාමිනී
දෙවි වූ ජේසූ රාජේන්ද්‍රා තේජායු වේ
ක්‍රිස්තු රජ නොවේ කියත් පවිටුවෝ
ඔබේ දසුන් ලොවේ පිරි හඬින් සැවෝ
දෙව් පුතුන් ම වේ සෑමා දනන්ගෙ ස්වාමී
තේජා ශ්‍රී ස්තෝත්ර වේවා
ආ ජේසු ක්‍රිස්තුනි ශාන්ති කුමාරෙනි
උදාර සිත් සැම සුදම් දෙස නමා
ඔබ සබේ තුළා දිළෙයි නිබඳ සේනා
ආශිර්වාදිත වේවා
කිතුනු ගී අංක: 321
.